ආසියානු තරඟාවලියේ සාර්ථකත්වය ගැන පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. එහි සියළු කටයුතු සංවිධාන කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් විසිනි.

ක්‍රිකට් තරග පවත්නා අතරතුර සජීව විකාශනයන්හි නිතර මෙම සංවිධාන කටයුතු පිළිබදවත් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා සුළු ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳවත් නිතර අසන්නට හා දක්නට ලැබීම සුලභය.

ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර නිවේදකයන් ලෙස කටයුතු කරන පාකිස්තානයේ හිටපු නායක වසීම් අක්රම්, ඉන්දියාවේ හිටපු නායක රවීසාස්ත්රී සහ හර්ෂ බොග්ලේ මේ තරගාවලියේ සංවිධාන කටයුතු පවත්වාගෙන යන උසස් මට්ටම පිලිබදව ප්‍රශංසනාත්මකව විස්තර කරනු ඇසෙන්නට ලැබේ.

පිටිය හා තණතිලි සැකසීම, ක්‍රීඩාංගණයේ පහසුකම්, ක්‍රීඩක නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ප්‍රවේශ පත්‍ර ඇතුළු සෑම අංගයකම වගකිවයුතු නිලතල භාරව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙතය. විස්තර ප්‍රචාරකයන් පවසනුයේ මෙවැනි සංවිධානාත්මක කාර්යය මණ්ඩලයකට ලොව ඕනෑම උසස් මට්ටමේ තරගාවලියක් සංවිධාන කිරීමේ හැකියාව පවතින බවය.

මේ තරගාවලිය සංවිධාන කිරීමේ සහ ඊට සහභාගිත්වයත් ප්‍රවේශ පත්‍ර අලෙවිය මගින්ද ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හයහමාරක මුදලක් ලැබීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම නිමිත්තෙන් ඩොලර් මිලියන දෙකක ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ඩොලර් මිලියන දෙකක් ද සංවිධාන කටයුතු සදහා ඩොලර් මිලියන දෙකහමාරක්ද මෙරටට ලැබීමට නියමිතය.

මීට අමතරව මේ දිනවල ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කරුණක්ව පවතින සංචාරකා ආකර්ශනය ඇදගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දර්ශණීය ස්ථානද නිතර නිතර සජීව කරන පවතින අතරවාරයේ ප්‍රදර්ශනය කිරීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *