“ජය ශ්‍රී” සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – “ජය ශ්‍රී”ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවට දින නියම කෙරේ.

කොළඹ වානිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීමට එරෙහිව වානිජ මහාධිකරණ විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වන අධිකරණයට අපහාස කිරිමේ නඩුව අද(17) දින කැදවීමේන් අනතුරුව නැවතත් එකී නඩුව 2023 පෙබරවාරි මස 21 දිනැතිව කැදවීමට නියම කරනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මීට පෙර සීතාසි නිකුත් කරනු ලැබුවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *