යූනියන් ඇෂුවරන්ස් වාර්ෂික වාර්තාව අඛණ්ඩව 3වන වරටත් විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තා 10 අතරට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වඩාත්ම පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2022 වසරේ‘CMA Excellence in Integrated Reporting’සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත්විය.

ශ්‍රී ලංකා සහති0කලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Institute of Certified Management Accountants of Sri Lanka) මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උළෙලේ 2022 අදියර පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මූල්‍ය විනිවිදභාවය, වගවීම සහ අවංකභාවය යනාදී ගුණාංග සම්බන්ධ ඉහළම සම්මතයන් ආරක්ෂා කරගනිමින් ප්‍රකාශයට පත්කරනු ලබන මූල්‍ය වාර්තා වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමේ.

මෙහිදී යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව 3 වන වරටත් විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තා 10 අතරට එක්වීමට සමත්වූ අතර, ප්‍රාග්ධනය සම්බන්ධ විශිෂ්ටතම අනාවරණයන් වෙනුවෙන් තවත් විශේෂ සම්මානයක්ද සමාගම වෙත හිමිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය කියා සිටියේ, අඛණ්ඩව තුන්වන වරටත් මෙම සම්මානය හිමිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටුවන බවයි.

“එමෙන්ම මේ වසරේදී තවත් විශේෂ සම්මානයකුත් දිනාගැනීමට අපට හැකිවුණා. යූනියන් ඇෂුවරන්ස් සමාගම එහි සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ අවංකභාවය සහිතව කටයුතු කරන බවට මෙය ඉතා හොඳ සාක්ෂියක්. මෙහෙයුම්වල ඒකාබද්ධතාව පවත්වා ගැනීම සඳහා ගෝලීය ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම කැපවීසිටිනවා. විශිෂ්ට මට්ටමේ මූල්‍ය වාර්තාකරණයක් සහිත වගකීම් සහගත සමාගමක් වශයෙන් අප සතු පිළිගැනීම තවදුරටත් තහවු කිරීමට අවශ්‍ය ශක්තිමත් ව්‍යාපාර ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට අප සෑමවිටම සූදානම්.” ආශා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ගීකරණයන් අනුව, පෞද්ගලික සමාගම්, රජයේ ආයතන/සමාගම්, බැංකු, රාජ්‍ය අංශයේ ආයතන, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ ලාභ සඳහා නොවන සංවිධානය යන කාණ්ඩ යටතේ මෙම සම්මාන සඳහා සුදුසුස්සන් සලකා බලන ලදි.
ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය(International Integrated Reporting Council – IIRC) මගින් ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර මාර්ගෝපදේශමාලාවඅනුව වාර්ෂික වාර්තා ඇගයීම සිදු කෙරිණි. මෙහිදී ක්‍රමෝපායික අවධානය, අනාගතය කෙරෙහි නැඹුරුව, තොරතුරුවල සම්බන්ධතාව, වටිනාකම් නිර්මාණය, විශ්වාසනීයත්වය සහ සම්පූර්ණත්වය වැනි සාධකවි ශේෂයෙන් සලකා බලනලදි.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම්ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක්වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රීලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක්වන අතර,දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ2022 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 16.7ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්සහ රු. බිලියන55.6ක ජීවිතරක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව3,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *