ශ්‍රී පාද වන්දනාවේ නිරත බැතිමතුන්ට, ලින්ක්සමහන් හා ලින්ක්සමහන් SP බාම් සහනය සලසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරතුරු සිය සත්කාරකත්වයේ දෑත් දිගු කරන ලින්ක්සමහන් හා ලින්ක්සමහන් SP බාම්, මෙවරත් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ වන්දනාකරුවන්ගේ හිත සුව පිණිස පෙරමුණ ගෙන තිබේ.

ඒ, ශ්‍රී පාද වන්දනාවේ නිරත බැතිමතුන්ගේ පීඩා මඟහරවා ලීම පිණිස,”සමහන්සහන කලාපය” මෙවරද එම පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි.

උඳුවප් පෝය උදාවීමත් සමග, ඇරඹුණු ශ්‍රී පාද වන්දනා සමයේදී විවිධ ආගම් අදහන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ශ්‍රී පාද පුද භූමිය වන්දනා කිරීමටපැමිණෙති. වන්දනා සමය පවතින මාස පහක්පුරා මෙමඅති පරිශුද්ධ පුණ්‍ය භූමිය වන්දනා කරන බැතිමත්හු වෙසක් පොහොයත් සමඟ ශ්‍රී පාද වන්දනාව නිම කරති.මෙම වන්දනාකරුවන්ට අත්වැලක් වෙමින් ලින්ක් සමහන් හාලින්ක්සමහන් SP බාම්,”සමහන් සහන කලාපය”මෙවරද එම පරිශ්‍රය තුළ ස්ථාපිතකර තිබේ.ඉන් වන්දනා සමය තුළදී, බැතිමතුන් වෙනුවෙන් මසකට සමහන් කෝප්ප 50 000 ක් නොමිලේ බෙදා දෙනු ලැබේ.අධික ශීතල විඳදරා ගනිමින් ශ්‍රී පාදය කරා ඇදෙන බැතිමතුන් සීතලට නිරාවරණය වීමෙන් වැළඳිය හැකි සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලින් වැළකීමට මෙන්ම,විඩාව නිවා සහනය ගෙන දීමට මෙම උණුසුම් සමහන් පානය සමත් වේ.එමෙන්ම විශේෂ වට්ටම් යටතේ සමහන් SP බාම්ද එහිදී වන්දනා කරුවන් වෙත පිරිනමනු ලැබේ. ශ්‍රීපාද වන්දනාව අතරතුර පාදවලට දැනෙන අපහසුතා මඟහරවා ගැනීම සඳහා පාද සම්බාහනය කිරීමට සමහන් SP බාම් යොදාගත හැකිය.සමහන්SP බාම් සඳහා වන සෑම මිලදී ගැනීමකදීම විඩාපත් බැතිමතුන්හට සුවපහසු සම්බාහනයක් දපිරිනැමේ. වෙහෙසකර ශ්‍රී පාද වන්දනාවෙන් අනතුරුව, ශරීරයේ සියලු වේදනාවන් සංසිඳුවා ගැනීමට ද සමහන් SP බාම් ආලේප කළ හැකිය.

“මාස පහක් තරම් දීර්ඝ ශ්‍රීපාද වන්දනා සමය තුළ රටේ සෑම ආගමකටම අයත් ලක්ෂ ගණනක බැතිමතුන් පිරිසක් ආකර්ෂණය කර ගන්නා ශ්‍රී පාද ස්ථානය, අපේ රටේ ශුද්ධ වූ පුණ්‍ය භූමියක්. කුමන මාර්ගයක් භාවිත කරමින් ශ්‍රීපාද කන්ද තරණය කළත්,එය ඉතාමත්ම දුෂ්කර කඳු නැගීමක් විදියට හඳුන්වන්න පුළුවන්. එවැනි අසීරු වන්දනාවක නිරතවන බැතිමතුන්ගේ විඩාවමෙන්ම, වේදනාව සහ උණ ආදී අපහසුතා මගහරවා ගැනීමට,ලින්ක් සමහන්හා ලින්ක් සමහන් SP බාම්වැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ නිෂ්පාදන සමගින් ඔවුන්ට සහනයක් ලබාදීමටහැකිවීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. ඒ වගේම, ලින්ක් සමහන් සහන කලාපතුළින් වන්දනාවේ යෙදෙන බැතිමතුන් ප්‍රබෝධමත් කිරීමට හැකිවන නිසා ඔවුන්ගේ වන්දනාව සාර්ථකව නිමා කිරීමට එය ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” ලින්ක් නැචුරල්පුද්ගලික සමාගමේ අලෙවි ප්‍රධානී රොමේරෝ ලින්ඩන් ප්‍රකාශ කරයි.

ලින්ක් සමහන්හා ලින්ක් සමහන් SP බාම්, වර්තමාන පාරිභෝගිකයින්ගේ අතිශය කාර්යබහුල ජිවන රටාවට ගැළපෙනපරිදි,ලින්ක් නැචුරල්පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය තුළ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ පොළට නිකුත් කරන ලද නිෂ්පාදනද්විත්වයකි.ලින්ක් සමහන්පරීක්ෂණ මගින් තහවුරු කළ ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු නිෂ්පාදනයක් වන අතර, දිනපතා පානය කිරීමෙන්කාලයත් සමග සෙම්ප්‍රතිශ්‍යාව සහ පීනස ආශ්‍රිත රෝග ලක්ෂණ15ක්සඳහාද ප්‍රතිඵලදායක බවට සනාථ වී තිබේ.ලින්ක් සමහන් SP බාම්, කැක්කුම් සහ වේදනාවන් සඳහා ආරක්ෂිත සහ ක්ෂණික සහනයක් අත්කර දෙන ඖෂධීය බාම් වර්ගයක් වන අතර, ඖෂධීය ශාකසාර අමුද්‍රව්‍ය වර්ග 6ක් සහවාෂ්පශීලී තෙල් වර්ග 9ක් යොදා නිපදවා තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධීය නිෂ්පාදනයක් වන ලින්ක් සමහන් SP බාම්, නවීන විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් සකස් කර තිබේ. හිසරදය, කොන්දේ වේදනාව,බෙල්ලේ සහ උරහිසේ වේදනාව,ඔසප් වේදනාව,උළුක්කු සහ තැලීම් මෙන්ම, ප්‍රතිශ්‍යාව සහ නාසයේ අවහිරතාව ආදීවශයෙන් ඕනෑම අයකුට එදිනෙදා මතුවන ශාරීරික අපහසුතා සඳහාලින්ක් සමහන් SP බාම් භාවිතා කළ හැකිය

ලින්ක් නැචුරල්,සමහන් ඇතුළු බොහෝ නිෂ්පාදන ලොව පුරා රටවල් ගණනාවකට අපනයනය කරන ප්‍රමුඛතම දේශීය සමාගමකි. ඉපැරණි ආයුර්වේද දැනුම, විද්‍යාත්මක ක්‍රමවේද සහ අති නවීන තාක්‍ෂණය මුසු කර වඩාත් සෞඛ්‍ය සම්පන්න, දිගු හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි උසස් තත්ත්වයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන පාරිභෝගිකයින් හට ලබා දීමේ උදාර දැක්ම සහිතව ලින්ක් නැචුරල් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *