(කොළඹ, ලංකාපුවත්) – යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බෙදාහැරීම් අංශයේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී සමාගමේ ‘Agency’ සහ ‘Corporate’ අංශවල විශිෂ්ටතම දක්ෂතා දැක්වූ පිරිසක් ඇගයීමට ලක්වූහ.
වාද්දුව Blue Water හෝටලයේදී පැවති මෙම උත්සවයට අදාළ අංශ නියෝජනය කරමින් 450 කට අධික පිරිසක් සහභාගී වූහ.
“මෙම වසර අපට තරමක් දුෂ්කර වසරක් වුණා. කෙසේ නමුත්, කුමන බාධා පැමිණියත්, වසරේ ප්‍රථම අර්ධය තුළ අංශ රැසකින් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අප සමත් වී තිබෙනවා. ඒ සඳහා අපගේ උපදේශකවරුන් ලබාදුන් දායකත්වය විශාලයි. ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සලසමින්, ඔවුන්ට මූල්‍යමය සුරක්ෂිතභාවය ළඟා කරගැනීමට අත්වැලක් වෙමින්, සමාගමේ ඉදිරි ගමනට දායක වූ සියලුම උපදේශකවරුන්ට මා ස්තූතිවන්ත වනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.
මෙම සම්මාන උළෙලේ Agency අංශයේ ඉහළම සම්මානය වන ‘National New Business Champion’ සම්මානය හලාවත ප්‍රාදේශිකයේ චානක අප්පුහාමි වෙත හිමි විය.
Corporate අංශයේ ‘New Business Champion’ සම්මානය දිනාගැනීමට ප්‍රණීත් විමලසිරි සමත් වූ අතර, ගයාන් බණ්ඩාරගේ නායකත්වයේ යුත් වෝඩ් ප්ලේස් ප්‍රාදේශිකය විසින් ‘විශිෂ්ටතම ප්‍රාදේශිකය’ සම්මානය දිනාගන්නා ලදි. සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතම කලාපය සම්මානය යෝගානාදන් ලද්චුමිහරන්ගේ නායකත්වයෙන් යුත් නැගෙනහිර කලාපය වෙත හිමි වූ අතර, මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතම කලාපය සම්මානය උතුරු කලාපය වෙත හිමි විය.
“2022 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ අපගේ කණ්ඩායම මෙවැනි දක්ෂතා පෙන්නුම් කර කර තිබීම මට මහත් සතුටක්. වෘත්තීයභාවයට සහ සේවා විශිෂ්ටත්වයට මුල්තැන දෙමින් රාජකාරි කිරීම නිසා, ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අපගේ උපදේශකවරුන්ට හා ව්‍යාපාර කළමනාකාරවරුන්ට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම තම දක්ෂතා වැඩිදියුණු කරගනිමින් දියුණුව කරා ගමන් කිරීමට උපකාරී වන පුහුණු වැඩසටහන් ඇතුළු බොහෝ පහසුකම් යූනියන් ඇෂුවරන්ස් වෙතින් ඔවුන්ට ලැබෙනවා. අපගේ විශ්වාසය වන්නේ, අපගේ උපදේශකවරුන්ගේ දායකත්වය, සමාගමේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධකයක් බවයි. එම නිසා ඔවුන්ට තම වෘත්තීය හා පෞද්ගලික දියුණුව ළඟා කරගන්නා අතරම ක්ෂේත්රයේ විශිෂ්ටතම තලයේ සේවාවක් ගනුදෙනුකරුවන්ට ලබාදීමට අවස්ථාව සලසා දෙන ආයතනික පරිසරයක් පවත්වාගෙන යාමට අප සෑම විටම උත්සාහ කරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.