NextStep ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික කථිකාව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වෙලා ගෙන තිබෙන ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් ලෙස ඇරඹි ගාලූ මුවදොර අරගල පරිච්ඡේදය නිමාකරමින් ප්‍රතිසංස්කරණ කථිකාවේ ආරම්භක අවස්ථාව පසුගියදා(09) කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සහශ්‍රයේ පරම්පරාවන්ගේ ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික ඉදිරිය වෙනුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික කථිකාවක් නිර්මාණය කිරීමේ වෙනුවෙන් මෙම කථිකාව පැවැත්විණ.

දුෂණ විරෝධය, සක්‍රීය පුරවැසි සහභාගීත්වය සහිත දේශපාලනය, දේශපාලනයේ තරුණ සහ කාන්තා ඉඩප්‍රස්ථා පුළුල් කිරීම මෙන්ම කිසිවෙකුත් කොන් නොකරන සැමට සමාන වරප්‍රසාද සහිත සමබිමක් ගොඩනැගීම වෙනුවෙන් වූ නව ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීම පිළිබඳව එහි දී සාකච්ඡා කෙරිණ.

එම අවස්ථාවට සහභාගී වූ පිරිසගේ අදහස වූයේ, සියලු දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය අනුලංඝනීය කොන්දේසියක් වන ආර්ථික ස්ථායීතාව සඳහා අත්‍යවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් කථිකාවක් සහ දේශපාලන ක්‍රමය තුළ දූෂිත අනුග්‍රාහක සේවාදායක සබඳතා මත ඉඩප්‍රස්ථා හිමිවන ක්‍රමවේදය වෙනුවට පක්ෂ ක්‍රමය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා ද තරුණ සහ කාන්තා ප්‍රතිපත්තීන් පක්ෂ තුළට හඳුන්වාදීම සඳහා ද බල කළ යුතුව ඇති බවය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *