ග්‍රෑන්ඩ් වලව්ව: කෑගල්ලේ පිහිටි සුඛෝපභෝගී සහ ඓතිහාසික හෝටල් සත්කාර සේවාව

(කොළඹ, ලංකාපුවත්) – කීර්තිමත් ස්වර්ණාභරණ නිෂ්පාදන හා අලෙවිකරණ සේවාවන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී නදිකා ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනය විසින් “The Grand Walawwa” විවෘත කිරීමත් සමඟ හෝටල් සත්කාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වී තිබේ.

ශ්‍රී ලංකාවේ, කෑගල්ල ප්‍රදේශයේ මනරම් භූමි ප්‍රදේශයක පිහිටා ඇති “The Grand Walawwa” හා එයට අයත් දේපළ සූවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුක්ත වේ. යටත් විජිත සමයේ සිට පැවත එන “The Grand Walawwa” වෙත ප්‍රවේශවන සියල්ලන්ට සිත් ඇදගන්නා හා ආකර්ෂණීය පෙනුමකින් යුක්ත පරිසරයක පහස විඳගත හැක.

“The Grand Walawwa” පියවර තැබීම කාලයත් සමග ආනන්දනාත්මක ගමනක සමාරම්භයක් සනිටුහන් කරයි. වලව්වේ සෑම අතුරු සිදුරක්ම වලව්ව පිලිබඳව කතා පුවතක් ගෙනහැර දක්වයි. එහි කලාත්මක භාවය සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණශීලීත්වය එහි ඉතිහාසය හා විස්මිත භාවය පිළිබදව ඉතා ගැඹුරින් පැහැදිලි කරයි. එම වලව්වේ මෙම විශිෂ්ඨ නිර්මාණ එහි ඓතිහාසික උරුමය ගැන විදහා දක්වන අතර එහි බිත්ති පවා විශේෂත්වයක් පිළිඹිබු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞඩවත් ඉතිහාසය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන සුවිශේෂී දේපළක් වන ග්‍රෑන්ඩ් වලව්ව අපි විවෘත කරනුයේ ඉමහත් සතුටිනි. අපගේ ගෞරවණීය අමුත්තන් වෙත ඔවුන් බලාපොරොත්තු වන ආකර්ශනීය හා සුවිශේෂී ආගන්තුක සත්කාරය ලබා දීමට කටයුතු කරන බව” මෙහෙයුම් කළමණාකරු පොන්නයියා ප්‍රසාගම් මහතා ප්‍රකාශ කරයි.

ගෞරවණීය දානපතියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු, වැවිලිකරුවෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු වූ දිවංගත ඇල්බට් ඒ. වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද ග්‍රෑන්ඩ් වලව්ව හැඳින්වූයේ ‘වික්‍රමසිංහ වලව්ව ‘ යනුවෙනි. කෑගල්ල නගරයට ඉහළින් පිහිටි මනරම් කඳු මුදුනක මෙම වලව්ව පිහිටා ඇත. මෙම අලංකාර මන්දිරය තුළ විශිෂ්ටතම මට්ටමේ ආනයනික උපාංග වලින් ඉහළ පෙනුමක් ගෙනහැර දක්වයි. එහි කීර්තිමත් ඉතිහාසය පුරාවටම, මෙම කීර්තිමත් දේපල ග්ලූස්ටර් ආදිපාදවරයා වැනි රාජකීයයන්ට මෙන්ම සේනානායක සහෝදරයන් (ඩීඑස් සහ එෆ්ආර්) වැනි ප්‍රබල පුද්ගලයින් ඇතුළු බොහෝ ප්‍රභූවරුන්ට සත්කාරකත්වය ලබා දී ඇත. එසේම මෙම වලව්ව ඇල්ල ලඟ වලව්ව සහ තවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක්ම රඟ දක්වන ලද ස්ථානයක්ද වේ.

ග්‍රෑන්ඩ් වලව්වේ වාස්තුවිද්‍යාත්මක විචිත්‍රත්වය බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සමාගමක් වන එඩ්වඩ්, රීඩ් සහ බෙග් පිළිබඳ සාක්ෂියකි, එහිදී ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා අවසානයේ මෙහි අයිතිකරුවකු වීමට පවා මෙම වාස්තු විද්‍යාත්මක නිර්මාණය හේතුවක් විය. මෙලෙස ඉතා සූක්ෂම ඉදිකිරීමක් සිදු කරන ලද්දේ එම යුගයේ ඉතා ගෞරවනීය සිවිල් ඉංජිනේරු සමාගමක් වන Walker & Co විසිනි.

රාජකීය උත්සව පැවැත්වීමේ ගෞරවයද ග්‍රෑන්ඩ් වලව්වට හිමිව ඇත. 1948 දී ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් රජු නියෝජනය කළ ග්ලූස්ටර්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය නියෝජනය කළ බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සංචාරය අතරතුර, කෑගල්ලේ ‘වික්‍රම’ හිදී ඔවුන්ට දිවා භෝජන සංග්‍රහය ඇතුලුව කාරුණික සත්කාර සේවාවන් ලබා දෙන ලදී. මෙම කීර්තිමත් නිවහන ජපානයේ ඔටුන්න හිමි කුමරු ද පිළිගෙන ඇති අතර, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ආර්. ප්‍රේමදාස ඇතුළු ගෞරවනීය අග්‍රාමාත්‍යවරුන් විසින් ප්‍රකට කර ඇත.

ග්‍රෑන්ඩ් වලව්ව ඓතිහාසික යුගයක ශ්‍රේෂ්ඨත්වය සහ අලංකාරය විදහා දක්වන අතර, අමුත්තන්ට එහි ඓතිහාසික වැදගත්කම රසවිඳීමට අවස්ථාවක් ලබා දෙයි. ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති සහ විශිෂ්ඨ ලෙස සකස්කර ඇති සෑම කාමරයක්ම එහි යටත් විජිත ස්වභාවය ආරක්ෂා කරමින් සුවපහසුව සහ සුඛෝපභෝගීත්වය උරුම කර දී තිබේ. දීප්තිමත් පෞරාණික ගෘහ භාණ්ඩවල සිට සංකීර්ණ කලා කෘති සහ අලංකාරය තුළින් ආකර්ෂණීය හා පෞඩවත් බව ආරක්ෂාකර දී තිබේ.

කෑගල්ලේ මනරම් ස්වභාව සෞන්දර්යයෙන් වට වූ ග්‍රෑන්ඩ් වලව්ව, එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලත්වයෙන් මිදී නිස්කලංක පරිසරයක පහස විදීමට ප්‍රභූවරුන් හා අමුත්තන්ට ආරාධනා කරයි. විවිධත්වයෙන් යුතු උද්‍යානවල නිස්කලංක භාවය අත් විදීමට, නවීන පිහිණුම් තටාකයේ ප්‍රබෝධමත් පිහිනුම්වල යෙදීමට, විස්මිත දසුන් සහිත ආලින්ද මත විවේකිව සිටීමට පහසුකම් සලසා ඇත.

මෙම විවිධත්වයෙන් යුත් කාමර හා විසිරී ඇති දේපල කලාත්මකව නිර්මාණය කර ඇත. එමගින් සුවපහසු හා අසමසම අත්දැකීමක් සහතික කරයි. මහා බෝල්රූම් මංගල උත්සව, පිළිගැනීම් සහ අනෙකුත් වැදගත් අවස්ථාවන් සඳහා කදිම ස්ථානයක් ලෙස පවතින අතර උසස් මට්ටමින් ඡායාරූප රූගත කිරීම් සඳහා සිත් ඇදගන්නාසුළු පසුබිමක් ද සපයයි. ශ්‍රී ලංකාවේ පෞරාණික බිලියඩ් මේසය වඩාත් සුවිශේෂී ආකර්ෂණයක් ගෙන දෙයි. මෙය ඉතා උසස් හා සූක්ෂම අයුරින් සංරක්ෂණය කර ඇත.

ග්‍රෑන්ඩ් වලව්ව තුළ සුවිශේෂී වූ ප්‍රනීත ඉන්දියානු අවන්හලක් ඇති අතර එහි ඇති භෝජන සෑම අමුත්තකුටම ගැලපෙන ලෙස විවෘතව පවතී. විවිධ වූ භෝජන විකල්පයන්ගෙන් තෝරා ගත හැක. බටහිර සහ පෙරදිග ප්‍රණීත ආහාරවල එකතුවකින් සමන්විත වේ. ග්‍රෑන්ඩ් වලව්වේදී අපි අපගේ අමුත්තන්ට නවීනත්වය පිළිබිඹු කරන සූපශාස්ත්‍ර අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරමු. ප්‍රවේශමෙන් සකස් කරන ලද සූපශාස්ත්‍ර නිර්මාණ හරහා, අපි රසයන් විඳීමට සහ අමතක නොවන භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට අපේක්ෂා කරමු. සෑම ආහාර වේලක්ම ඉන්ද්‍රියයන් පිනවන බව සහතික කරමින්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ආහාරවල විශිෂ්ටතම රසයන් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන සතුටු වන බව ප්‍රධාන සුපවේදී කමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඔබ ඉතිහාසය පිළිබද විමසා බලන්නෙක් වුවද, වාස්තු විද්‍යාවේ ශ්‍රේෂ්ඨත්වය අගයන්නෙකු වුවද, සුඛෝපභෝගී ආස්වාදයක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින කෙනෙකු වුවද, The Grand Walawwa අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි. මෙය ඉතිහාසයත්, වර්තමානයත් එකට ඒකාබද්ධ කොට විවේකයේ සොදුරු තෝතැන්නක් නිර්මාණය කරන ස්ථානයක් ලෙස හදුන්වා දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *