Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීයම ආහාර පාන සන්නාමය වන එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකාවේ විශාලතම T20 ප්‍රිමියර් ලීගය වන “Lanka Premier League 2023” සමඟ අත්වැල් බැඳගනී. මෙම සහයෝගීතාවය එලිෆන්ට් හවුස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යන දෙඅංශයටම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

විනෝදාස්වාදය, රසවත් හා ප්‍රණීත ආහාරපාන සහ ක්‍රිකට් උදෙසා දෙපාර්ශවයේම ඇති උනන්දුව මෙම හවුල්කාරීත්වය වඩාත් අර්ථවත් කරයි.

එලිෆන්ට් හවුස් ස්ථාපිත කළ 1852 දී සිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් අතර විශ්වාසනීය නාමයක් වී ඇත. සියවසකට වැඩි කාලයක් පුරා, එලිෆන්ට් හවුස්, ලාංකීය රසවතුන් තෘප්තිමත් කිරීම සඳහා පුළුල් රස පරාසයකින් ආහාරපාන වර්ග හඳුන්වාදී ඇත. පවුලේ අය සමග එක්ව රසවිඳීමට මෙන්ම තනි තනිවම වුවද රස රසවිඳීමට හැකිවන අයුරින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන ලාංකීය රසවතුන් උදෙසා
හඳුන්වාදී ඇත.

ලංකා ප්‍රිමියර් ලීග්, T20 ක්‍රිකට් තරඟ සඳහා ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සහ රසිකයින්ගේ හදවත් ග්‍රහණය කර ගනිමින් රටේ වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව ඇත. මේ සඳහා ලොව පුරා සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩා කරන අතර, එය ක්‍රීඩාශීලිත්වය සහ තරගාවලියේ උද්වේගකර බව ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා, මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “ලංකා ප්‍රිමියර් ලීග් 2023 වෙත සහයෝගීතාවය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ක්‍රීඩාවක්ම පමණක් නොවේ, එය මිනිසුන්ගේ ජීවිතයේ එක් කොටසකි. මෙම හවුල්කාරිත්වය තුළින්, රට පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් අත්දැකීම් වැඩි දියුණු කරන අතරම, ශ්‍රී ලාංකිකත්වය සමඟ ඇති අපගේ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රියතම කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සඳහා ඔල්වරසන් දෙද්දී, එලිෆන්ට් හවුස් අපගේ උසස් තත්ත්වයේ අයිස් ක්‍රීම් සහ ආහාරපාන සමඟ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ප්‍රබෝධමත් බව ලබා දෙනු ඇත.

එලිෆන්ට් හවුස් සහ ලංකා ප්‍රිමියර් ලීග් යන දෙපාර්ශවයම මෙම හවුල්කාරිත්වයට පැමිණෙන්නේ එකමුතුකම සහ ජාතික අභිමානය පෝෂණය කිරීමේ දැක්මක් බෙදා ගන්නා මොහොතකය. එය ක්‍රීඩාවේ මූලික වටිනාකම් වන කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, අඛණ්ඩතාව සහ සාධාරණ ක්‍රීඩාව සමඟ පෙළගැසෙමින් ප්‍රේක්ෂක පිරිස වෙත එහි ප්‍රවේශය පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් සුවිශේෂී අවස්ථාවක් උදා කරයි.

ලංකා ප්‍රිමියර් ලීග් 2023 අතරතුර, ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩාංගණවලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට එලිෆන්ට් හවුස් අලෙවිසැල් මගින් ප්‍රේක්ෂකයින් ප්‍රබෝධමත් කිරීම රසවත් ආහාරපාන වර්ග සහ අයිස්ක්‍රීම් මාලාවක් පිරිනමයි.

එපමණක් නොව, එලිෆන්ට් හවුස් ප්‍රවර්ධන වැඩසටහන් මගින් තරඟ පවත්වනු ලබන අතර, මෙහිදී ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී වෙළඳ භාණ්ඩ සහ තරඟ ටිකට්පත් දිනා ගැනීමට අවස්ථාවක් හිමිවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ උද්දීපනය රසවත් ප්‍රණීත ආහාරවල ප්‍රීතිය සමඟ මුසු කරමින්, එලිෆන්ට් හවුස් ලීග් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩා ලෝලීන්ට නොමැකෙන මතකයන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

එලිෆන්ට් හවුස් සහ ලංකා ප්‍රිමියර් ලීග් 2023 අතර සහයෝගීතාව පිළිබඳ තවත් යාවත්කාලීන කිරීම් සඳහා රැඳී සිටින්න, මෙවර T20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය සියලුම ක්‍රිකට් ලෝලීන්ට සැබවින්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *